කුසින් දරුවෙක් බිහි නොකලට,ලේ කිරි කරලා නොපෙව්වට පිය සෙනෙහස මව් සෙනෙහසට දෙවැනි වෙන්නෙ නෑ. Frans Hofmeester කියන්නෙත් එහෙම තාත්තා කෙනෙක්.1999 ඔක්තෝබර් 28 වෙනිදා ඔහුගේ කුළුඳුල් දියණිය Lotte මෙලොව එළිය දැක්කා. තමාගෙ දුව ටිකෙන් ටික උස් මහත් උන හැටි හැමදාමත් මතකයේ රඳවගන්න ඔහුට ඕන වුනා. ඉතිං ඇය ඉපදුන දා ඉඳන් වයස අවුරුදු 14ක් වෙනකං හැම සතියකම ඔහු ඇයව video කලා. පස්සෙ ඒවා සංස්කරණය කරලා විනාඩි 4 ක video එකක් හැදුවා. පුංචි බිළිඳියක් යෞවනියක් වෙන හැටි අදහගන්න බැරි තරම් සුන්දරව ඔහුගේ කැමරාවෙ සටහන් වෙලා තිබුනෙ මෙන්න මේ විදිහට.
No comments:
Post a Comment