කටු අනෝදා
ලංකාවෙ දි කටු ආත කටු අනෝදා වගේ නම් වලින් හැඳින්වෙන
මෙය පළතුරක් විදියට ලොකු පොඩි හැම අතරෙම හුඟක් ජනප්‍රියයි.
කටු අනෝදා ස්වභාවික
පිළිකා සෛල නාශකයක් බව ඔබ කී දෙනෙක් දන්නවාද?
දේශීය වෛද්‍ය විද්‍යාවේ
පිළිකා නාශක ගුණය ගැන ඉහලින්ම කතා කරන ඖෂධීය පළතුරකි කටු අනෝදා.
මේ ගැන පරීක්‍ෂණ පවත්වන්නන් කියනා පරිද්දට බටහිර
පිළිකා සෛල නාශක Chemotherapy ක්‍රමයට වඩා මේ
පළතුර 10000 ගුණයක් බළවත්.
මෙහි ප්‍රධාන වාසිය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ
එන Chemotherapy ක්‍රම ආදියෙහි වන
අහිතකර අතුරු ප්‍රතිඵල කිසිවක් මින් අත් නොවීමයි.රස ගුණ නිසා පහසුවෙන් භාවිතා කළ හැකියි.
පිළිකා මර්දනය සැළකූ විට Chemotherapy වැනි ක්‍රමයක් මගින් බොහෝමයක් අහිතකර පසු විපාක ගෙන දෙන
අතර(අකලට කොන්ඩය ගැලවී යාම,බර අඩුවීම,ශරීරයේ බර දරා ගැනීමේ අපහසුතාව ආදී)මෙම ක්‍රමය
සාර්ථකව යොදා ගත හැකි නම් එවන් පසු විපාක වලින් තොර සාර්ථක පිළිකා මර්දන ක්‍රමයක් නිර්මාණය
කර ගත හැකිය.
නමුත් මේය තවමත් නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි
වුවද මෙහි ඖෂධීය ගුණ ගැන සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම ඉන්දියානු හා බටහිර
සම්ප්‍රදායන් වල ද දක්වන්නේ ඉහල පිළිගැනීමකි.
කටු අනෝදා අතුරුපසක් වශයෙන් මෙන්ම බීමක් වශයෙන්
ද ප්‍රයෝජනයට ගත හැකි පළතුරකි.ඉතා තුනී පොත්තක් සහිත හොඳින් ඉදුනු කටු අනෝදා ගෙඩියක්
යන්තමින් කහ පැහැයට හැරුනු කොළ පැහැයක් ගනී.මදය සුදු පාටය එහි තැන් තැන් වල විසිරී
ඇති කලු පැහැති ඇට රාශියකි.ඇට හැර මදය ආහාරයට ගනී.
කටු අනෝදා වල පිළිකා නාශක ගුණය හැරුණු විට මානව
ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආරක්‍ෂා කරමින් මාරක ආසාධන වලින් දේහය ආරක්‍ෂා කරයි. ශරීර සෞඛ්‍යය
මෙන්ම ශරීර ශක්තිය ,බාහිර පෙනුම වැඩි
දියුණු කිරීම සිදු කරයි.
කටු අනෝදා පළතුරක් ලෙස පමණක් නොව එළවළුවක් ලෙසද
භාවිතයට ගත හැකිය. මාස ගණනක් නැව් හරහා පැමිණ රටට ඇතුළු වන කල් තබා ගැනීමේ ද්‍රව්‍ය
එන්නත් කර ඇති ඇපල් සඳහා 100 කොළ දිග හරිනවාට
වඩා මෙවන් නැවුම් පළතුරකින් ගත හැකි ප්‍රයෝජන බොහොමයකි. ගුණ අතින් නම් අනෝදා ඇපල් වලට
වඩා සෑහෙන ඉදිරියෙනි.
No comments:
Post a Comment