අවංකාභාවය නිසා ඔස්ට්‍රේලියාවේදී ඇතෙක් බරට මුදල් ලැබූ ශ්‍රී ලාංකික තරුණයෙකුගේ කතාව.... ශ්‍රී ලාංකික තරුණයෙකුට සිය අවංකභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක ත්‍යාග මුදලක් හිමිව තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, චමිඳු අමරසිංහ නමැත්තෙකුට එම මුදල පිරිනමනු ලැබූ
බව ය.ඔහු තොරතුරු තාක්ෂණය හදාරමින් සිටින ශිෂ්‍යයෙකු වන ඔහු 2011 වසරේදී
සනීපාරක්ෂක සේවකයෙකු ලෙස සේවය කර තිබිණි. එහිදී ඔහුට වැසිකිළියක් තුළ තිබී
ඔස්ට්‍රේලියානු ඩොලර් 100000ක් වටිනා මුදල් නෝට්ටු තොගයක් හමුවී තිබේ. එම
මුදල ලැබුණු වහා ඔහු සිය සනීපාරක්ෂක සුපරීක්ෂකවරයාට ත්, පොලීසියට ත් දැනුම්
දී ඇත.
එහෙත්, එහි
අයිතිකරු සෙවීමට ඔහු සහ ඔස්ට්‍රේලියානු පොලීසිය වසර ගණනක් උත්සහ කළ ද එය
සාර්ථක වූයේ නැත. ඒ අනුව, එම මුදල සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී
මහේස්ත්‍රාත්වරයා
නියෝග කර ඇත්තේ, චමිඳු අමරසිංහගේ අවංකභාවයට උපහාරයක් වශයෙන් අදාළ මුදලෙන්
ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක් පිරිනමන ලෙස ය. එම නියෝගය පනවමින් ඔහු
ප්‍රකාශ කළේ, මෙවැනි අවංකභාවයකට ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ය. චමිඳු
අමරසිංහ අදාළ මුදල තමන් සතු කර ගැනීමට නොසිතා අයිතිකරුට භාර දීම සඳහා ගත්
අවංක උත්සහය අගය කළ යුතු බව එරට පොලීසිය පවසා තිබේ. මේ අතර, චමිඳු අමරසිංහ
පවසා ඇත්තේ, තමන් තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරා
එම අංශයෙන් රැකියාවක් කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බව ය.
තමන්ට අධිකරණයෙන් පිරිනැමූ ඔස්ට්‍රේලියානු ඩොලර් 81597ක මුදල කුමක් සඳහා
යොදවන්නේ ද යන්න තමන්ට සිතා ගත නොහැකි බව ද ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, එම
මුදලින් කොටසක් ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සහ වික්ටෝරියාහි බෞද්ධ
විහාරස්ථානයක් සඳහා යොදවන බව ඔහු සඳහන් කළේ ය. චමිඳු අමරසිංහ මේ වන විට
නවසීලන්තයේ අධ්‍යාපනය ලබමින් සිටින අතර ආපන ශාලාවක සේවය කරයි.